Seach bar

Tuesday, January 14, 2020

ඇප පනතේ අදාළ තාවය සම්බන්ධයෙන් නෛතික තත්ත්වය නිශ්චිතව විසඳී ඇත්ද?
#################################
ඇප පනතේ 3 (1)වගන්තිය අනුව ඇප පනත අදාළ වීම බැහැරකර ඇති කාණ්ඩ 3 කි.

 1. ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ     සැකකරුවන්

  2. මහජන ආරක්ෂක පනතතේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන්

  3. ඇප සම්බන්ධ නිෂ්චිත ප්‍රතිපාදන අැති වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්( උදාහරණ ලෙස විෂ මත්ද්‍රව්‍ය අබිං සහ අන්තරාදායක ඖෂධ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන්)

මෙම ප්‍රතිපාදන සම්බන්ධයෙන් සාකච්ඡා කළ රවී කරුණානායක එදිරිව රුවන් ගුණසේකර නඩුකරය ආශ්‍රයෙන් මෙය සලකා බලමු

මෙම නඩුවේදී රවී කරුණානායක මහතා විසින් පොදු දේපල පනත  යටතේ වරදකට  අත්අඩංගුවට ගැනීම  වළකාලමින්  ඇප පනතේ විසිඑක් වන වගන්තිය යටතේ අපේක්ෂිත ඇපයක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් 2004/7/6 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කළ අතර ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් රවී කරුණානායක මහතාට අපේක්ෂිත ඇප දානය කරමින් නියෝගයක් ලබා දෙන ලදී
ඉන්පසුව නීතිපතිවරයා විසින්  මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය ප්‍රතිශෝධනය කරවා ගැනීම සඳහා අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධනය ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන ලදී එකී විවාදයේදී රජය වෙනුවෙන් ස්ථාවරයන් 2ක්  ඉදිරිපත් කරන ලදි
ගල්
එයින් පළමු ස්ථාවරය වූයේ අයදුම්පත්‍ර පත්‍රය මගින් දක්වා ඇති වරද ඇප දිය නොහැකි වරදක් නිසා නොතීසි නිකුත් නොකළ යුතුව තිබූ බවත් දෙවැනි ස්ථාවරය වූයේ  වගඋත්තරකරු 1982 අංක 12 දරණ පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇති සැකකරුවෙකු බැවින් අපේක්ෂිත ඇපයක් ලබාගැනීමේ හිමිකමක් නොමැති බවයි
කෙසේ නමුත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත දේශනය හරහා කරුණු දක්වා තිබුණේ ඉහතින් සඳහන් කරන ලද දෙවන ස්ථාවරය සම්බන්ධයෙන් පමණි .

විශේෂයෙන්ම එයින් දක්වා තිබුණේ මහජන දේපල පිළිබඳ පනතේ පතිපාදන යටතේ යම් සැකකරුවෙකුට ඇප ලබාදීමට අදාළ නිශ්චිත ප්‍රතිපාදන අන්තර්ගත වන නිසා 1997 අංක 30 දරණ ඇප පනත එකී සැකකරුවන්ට අදාළ නොවන බවයි ඒ අනුව ඔහු වැඩිදුරටත් දක්වා සිටියේ  ඇප පනතේ ප්‍රතිපාදන කෙරෙහි යොමු වෙමින් අපේක්ෂිත ඇප වග උත්තරකරුට ලබාදී තිබීම තුළින් මහේස්ත්‍රාත් අධිකරණය වරදක් සිදුකර ඇති බවයි

Section 3 (1)of the bail act number 30 of 1997 read as follows

"Nothing in this act shall apply to any person accused or suspected of having committed or convicted of an offence under the prevention of terrorism( temporary provisions ) act number 48 of 1979 regulations made under the public Security Ordinance or any other written law which makes Express provisions in respect of the release on bail of persons accused or suspected of having committed or convicted of offences and such other written law"

මෙහිදී අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා වැඩි අවධානයකින් දක්වා සිටියේ

Any other written law යන කොටස යටතට පොදු දේපළ පනත යටතේ වූ සැකකරුවෙකු අදාල වන නිසා මෙම නඩුවේ උත්තරකරුට ඇප පනත අදාළ නොවන බවයි එසේම වගඋත්තරකරුවන්  තවදුරටත් දක්වා සිටියේ අර්ථ නිරූපණ රීතියේ එන සමජාතීය රීතිය (ejusdem generis) මෙහිදී අදාළ  බවයි. කෙසේ නමුත් අභියාචනාධිකරණය වගඋත්තරකරුවන් කියාසිටියේ සමජාතිය රීතිය අදාළ නොවන බවයි ඒ අනුව අභියාචනාධිකරණය පාර්ලිමේන්තුව ඇප පනත සම්මත කිරීමට අදාළව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පරිශීලනය කරමින් නිගමනය කළේ සමජාතීය රීතිය මෙම පනත නිරූපණය කිරීම සම්බන්ධයෙන් අදාළ  නොවන බවයි විශේෂයෙන් 3 (1) වගන්තියේ නිශ්චිතවම දක්වා ඇති ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත හා මහජන ආරක්ෂක පනත  යන පනත් දෙකම මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් දෙකක් වන නිසා මහජන දේපල පනත එකිි මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වූ පනතක් ලෙස අර්ථ නිරූපණය කළ නොහැකි බවට දක්වා සිටියා

 මීට අමතරව ගරු අභියාචනාධිකරණය විසින් දක්වා තිබෙන්නේ මහජන දේපල පනතෙහි 1999 අංක 28 දරණ සංශෝධනය මගින් එකී පනත 8 වගන්තිය ඇප සම්බන්ධයෙන් කිසිදු කාර්ය පටිපාටියක් හෝ ඇප ලබාදිය හැකි අධිකරණයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු නොකරන අතරම ඇප ලබාදීමේ දී සලකා බැලිය යුතු කොන්දේසියක් පමණක් දක්වා ඇති නිසා මහජන දේපල පනත යටතේ ඉදිරිපත් කරන සැකකරුවෙකුට ඇප ලබාදීමේ දී සලකා බැලිය යුතු නිශ්චිත  ප්‍රථිපාදන නොමැති බවට දක්වා ඇත.

 ඒ අනුව අවසාන වශයෙන් ගරු අභියාචනාධිකරණය තීරණය කළේ පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කරනු ලබන සැකකරුවන්ට ඇප පනත අදාළ වන බවත් �ඒ අනුව වග උත්තරකාර රවී කරුණානායකගේ ඇප අයදුම් පත්‍රයම්බන්ධයෙන් සලකා බැලීමට ගරු මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය ඇති බවත් ඒ අනුව එකී නියෝගය නිවැරදි නියෝගයක් බවත්ය

 මතු සම්බන්ධයි..........